Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරුගේ මැණික් අධිපති හදිසියේ ජිවන ගමනට සමුදෙයි

By News Team on September 7th, 2021 in Gossip

ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෙකු වූ කහවත්තේ ගුරුගේ මැණික් ව්‍යපාරයේ අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (06) පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට 82 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ නිර්මාතෘවරයා හා වර්ථමාන ප්‍රධාන අනුශාසකවරයා ලෙස ද කටයුතු කළා.