පළමු ශ්‍රේණියේ නවක සිසුන් සඳහා පන්ති ආරම්භය ජනවාරි 30…

නව වසරේ පළමු ශ්‍රේණියේ නවක පාසල් සිසුන් සඳහා පන්ති 2025 ජනවාරි 30 බ්‍රහස්පතින්දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, 2025 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ඇතුළත් කර ගන්නා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා මෙය අදාළ වන බවයි.

ඒ අනුව සිංහල, දෙමළ සහ මුස්ලිම් රජයේ සියලුම පාසල්වල පළමු ශ්‍රේණියේ නවක සිසුන් සඳහා ජනවාරි 30 වැනිදා පන්ති ආරම්භ කෙරේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *