Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හැකි ඉක්මණින් කංසා අපනයනයට රජයේ අවධානය

By News Team on December 10th, 2021 in Local

කංසා අපනයනය සඳහා අවසර ලබාදීම වෙනුවෙන් නීති කඩිනමින් සම්මත කර ගැනීමට රජය අවධානය යොමු කර තිබෙනවා.

දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවයි.

පසුගිය කාලය පුරා කංසා වගාව නීතිගත කරන ලෙස රජය පාර්ශවය රජයෙන් ඉල්ලීම් කෙරුණා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කංසා ආනයනයට පමණක් සීමාවන පරිදි මෙම නීති සකස් කරන බවයි.