Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගංජා වගා කර අපනයනය කිරීමට රජය සුදානම් වෙයි – ඩොලර් බිලියනයක අදායමක ඉලක්කයක්

By News Team on July 13th, 2021 in Gossip

කංසා වගා කර අපනයනය කිරීම නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව වාර්තා වනවා.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පුවත්පතක් වෙත අදහස් පළ කරමින් කියා සිට ඇත්තේ ඒ සඳහා දැනටමත් ඉහළම ආයුර්වේද වෛද්‍යවරු සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ කර්මාන්තයේ දී ඩොලර් බිලියන ගණනක් රටට ගෙන ඒමට හැකි බවත් ඉන් ජාත්‍යන්තර ණය පියවීමට හැකි වනු බවද ඇය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගංජා මත්ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් වැරැද්දක් සිදුව ඇති බවද මන්ත්‍රීවරයා පවසනවා.

මේ විශාල කර්මාන්තයක් ලෙස ආනයනය ඉලක්ක ගත කරමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අද ලොව පුරා රටවල් 50 ක අධික ප්‍රමාණයක් ගංජා වගාවේ නිරත වන බවත් ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද ගංජා අත්‍යවශ්‍ය ඖෂධයක් බවත් ඇය පෙන්වා දෙයි.

මෙම වැඩපිළිවෙළක් සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවූ පසු එහි ප්‍රතිලාභ ලැබීමට පටන් ගැනීමත් සමඟ එය නිවැරදි තීරණයක් බව ජනතාව තේරුම් ගනු ඇතැයිද ඇය තවදුරටත් කියා සිටියා.