Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආණ්ඩුවේ පක්ෂ නායකයන් අද යළිත් රැස්වෙයි

By News Team on October 5th, 2021 in Local

කෙරවලපිටිය යුදගනවී බලාගාරයේ සියයට හතළියක කොටසක් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් අද (05) රැස්වෙනවා.

මෙම පක්ෂ අතරට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මැති ඇමතිවරුන් අයත්.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ටිරාන් අලස් සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අද (05) පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන පිරිස අතරට අයත්.

මෙම පිරිස යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය දිනයක අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමු වූ නමුත් එකගතාවයකට පැමිණිමට හැකිවූයේ නැහැ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු ඔහු හමුවී සාකච්ඡා කිරීමටයි මෙම පිරිස තීරණය කළේ.

අද (05) පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට යැවීමට නියමිත ලිපියක් සකස් කිරීමටද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් තීරණය කර තිබෙනවා.