Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හම්බන්තොට රජයෙන් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් – ෆෝමියුලා වන් ධාවන පථයක් ඉදිකිරීමේ සුදානමක්

By News Team on October 25th, 2021 in Exclusive Story

හම්බන්තොට ෆෝමියුලා වන් මෝටර් රථ තරඟ ධාවන පථයක් ඉදි කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.

සති අන්ත ඉරිදා පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත වාර්තා කරන්නේ ජපානය සහ ස්පාඤ්ඤය ආයෝජකයින් පිරිසක් අතර මේ සඳහා මුලික සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

මේ අනුව කිලෝමීටර් 5.6ක ප්‍රමාණයක ගොන්ප්‍රී ධාවන පථයක් ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා රජයේ ඉඩමක් යොදා ගැනීමට නියමිතයි.

දේශීය සම්පත් හා දේශීය විශේෂඥ දැනුම් ඒ සඳහා උපයෝගී කරන ගැනෙන අතර රේසින් කාර් හම්බන්තොට වරායෙන් ගොඩබෑම හා අදාළ තරඟ සඳහා සහභාගී වන්නන්ට මත්තල ගුවන් තොටුපොළ යොදා ගැනීම සැලැස්මේ මුලික අරමුණයි.

මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ හම්බන්තොට ප්‍රදේශ ජිවත් වෙන ජනතාව පානීය ජලය, පොහොර වැනි ගැටළු රැසකට මුහුණ දී සිටින අවස්ථාවක රජය මෙවැනි ව්‍යපෘතියක් සඳහා අවධානය යොමුවීමයි.