Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කිරිපිටි මිළ සහනයෙන් රජයට මිලියන 572ක පාඩුවක්

By News Team on August 18th, 2021 in Local

කිරිපිටි මිළ ඉහළ දැමීම වැළැක්වීම සඳහා පසුගිය 11 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාගම් වෙත බදු සහන ලබාදීමෙන් රජයට මසකට රුපියල් මිලියන 572ක අදායමක් අහිමි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ අවස්ථාවේ දී කිරිපිටි මිළ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රජයේ කැපවීම මේ තුලින් තවදුරටත් තහවුරු වන බවයි.