Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත පිළිබඳ රජය යුරෝපා සංගමය දැනුවත් කරයි

By News Team on July 2nd, 2021 in Local

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත නැවත සමාලෝචනය සහ ප්‍රතිසංධානය අදාළ පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය දැනුවත් කර තිබෙනවා.

පසුගිය ජුනි 21 වනදා පැවැති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී මීට අදාළ කැබිනට් අනුකමිටුව පත් කිරීමට අනුමැතිය හිමි වූ අතර ඊට අදාළ වාර්තාව මාස 3ක් තුළ දිය යුතු වනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන් 27කට යටත්ව යුරෝපා GSP+ බදු සහනය තවදුරටත් ලබාගැනීම ශ්‍රී ලංකා රජය සහ යුරෝපා කොමිසම අතර සාකච්ඡාවක් ක්‍රියාත්මක බවයි.

මීට අදාළව සැපයිය යුතු සියලු වාර්තාව මේ වන විටත් ලබාදීමට කටයුතු කර ඇති අතර ඉදිරියටත් යුරෝපා සංගමය සමඟ ප්‍රථිඵලදායක සාකච්ඡාව පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවයි වැඩිදුරටත් අමාත්‍යාංශය සඳහන් කළේ.