Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හදිසියේම කොළඹ දී රැස්වෙයි

By News Team on September 21st, 2021 in Local

ඊයේ (20) පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් කොළඹ දී හදිසි සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවට විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානයක්කාර යන මහත්වරුන් සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කෙරවලපිටිය LNG විදුලි බලාගාරය පිළිබඳ ආණ්ඩුව ගන්නා තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය විමල් විරවංශ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා නැවත මව්බිම පැමිණීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීමේ සුදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ දී ඔහු ඊට පිළිතුරු ලබා නොදීම ද විශේෂත්වයකි.