Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රට තුල විරෝධය මැඩ පැවැත්වීම සදහා රජය සෞඛ්‍ය රෙගුලාසි අවභාවිත කරනවා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

By News Team on July 9th, 2021 in Local

කොතලාවල ජාතික ආරක්ෂක විද්‍යාලය පණත් කෙටුම්පතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවය පාළනයට පොලීසිය අනුගමනය කළ කුරිරු ක්‍රියාමාර්ගය හෙළා දකින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රට තුල විසම්මුතිය හා විරෝධය මැඩ පැවැත්වීම සදහා රජය සෞඛ්‍ය රෙගුලාසි අවභාවිත කරන බවයි.

සම්බාහන මධ්‍යස්ථාන පවා විවෘත කිරීමට අවසර දී ඇති මෙවන් අවස්ථාවක සෞඛ්‍ය රෙගුලාසි පිටුපස සැගවී විරෝධතා වැළැක්වීම පිළිකුල සහගත බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.

අධික ලෙස බලය යෙදවීම සදහා දේශපාලන කොළ එළියක් ලබා දී ඇත්නම් මිස පොලිසිය මේ ආකාරයෙන් කටයුතු නොකරන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිහිපත් කරනවා.