Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

GMOA නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ගැටළුවක් ගැන කියයි

By News Team on September 14th, 2021 in Local

නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමේ අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.

සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එහි සිටින යුධ හමුදාවට අනුබද්ධ වෛද්‍යවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිවිල් වෛද්‍යවරුන් 38 දෙනෙකු හමුදා රෝහලට අනුයුක්ත කිරීමට මින් පෙර කටයුතු කළ බවයි.

අදාල කණ්ඩයා් සිටි වෛද්‍යවරුන් තුන් දෙනෙකුට ස්ථාන මාරු ලබාදී ඇතත් අනුප්‍රාප්තික වෛද්‍යවරුන්ගෙන් පුරප්පාඩු පිරවීමකින් තොරව එය ඉටු කර ඇති බවටයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය චෝදනා කරන්නේ.

මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ග තුලින් නාරහේන්පිට යුධ හමුදා රෝහලේ කටයුතු බිදවැටිමේ වගකීම සම්පූර්ණයෙන්ම එම වෛද්‍යවරුන් ඉවත් කිරීමට තීන්දු තීරණ ගත් අදාල හමුදා නිලධාරින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් භාර ගත යුතු බව සංගමයේ ස්ථාවරයයි.

යුධ හමුදා රෝහලේ දැනට සේවයේ නියුතු ඉතිරි සිවිල් වෛද්‍යවරුන් සමග රජයේ ⁣වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ විධායක කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

මේ අතර නිදන්ගත රෝග සහිත ළමුන්ට – උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් ළමුන් එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය දිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පාසල් දරුවන් එන්නත්කරණය විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් පද්ධතිය තුළ සිදුවිය යුතු බවයි.