Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොතලාව ආරක්ෂක විශ්ව විද්‍යාල පණතට GMOA විරෝධය

By News Team on July 8th, 2021 in Local

2018 කොතලාව ආරක්ෂක විශ්ව විද්‍යාල පණත යළි ක්‍රියාත්මක කිරීමට රජය දරන උත්සහයට දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ යහපාලන රජය සමයේ දී මෙම පණත ඉදිරිපත් වූ නමුත් වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හමුවේ හකුලා ගැනීමට සිදු බවයි.

එවැනි පණතක් යළි බලාත්මක කිරීමට තැත් කිරීම වර්ථමාන රජයේ මැතිවරණ පොරොන්දුවලටද එරෙහිව යාමක් බවද අදාළව
නිවේදනයේ සඳහන්.

මෙම පණත මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියාමනය නොසලකා හැර ඇතැයි යන්න රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ තවත් චෝදනාවක් වනවා.

මෙමගින් ආරක්ෂක අමාත්‍යංශයට හා ත්‍රිවිධ හමුදාවට අයත් නිළධාරින්ගේ පාලක මණ්ඩලයක් මගින් පාලනය වන රටේ පොදු නියාමනයට යටත් නොවූ ස්වාධින ආයතනයක් ස්ථාපිත වන බවද අදාල නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

මේ අතර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පණත් කෙටුම්පත, ආගාමික හා විගාමික පනත අනුව ඉදිරිපත් කර ඇති නියෝග අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

අද පස්වරුවේ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ඇති.