Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අවුරුදු 20න් MBBS උපාධිය ගන්න GMOA අලුත් වැඩපිළිවෙලක්

By News Team on October 14th, 2021 in Local

මෙරට සිසුන්ට වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියක් අවුරුදු 22දී සහ විද්‍යාවේදී උපාධිය අවුරුදු 20 දී ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ අද වන විට පවතින මෙරට ක්‍රියාත්මක අධ්‍යාපන පටිපාටිය හරහා සිසුවෙකු වෘත්තීයකු වීමට විශාල කාලයක් ගත වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යෝජනා මාලාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.