Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හම්බන්තොට විතරක් නෙවේ ගාල්ල, ත්‍රිකුණාමලය, යාපනය දිස්ත්‍රික්කවලට ෆයිසර් එන්නත දෙන්න – GMOA

By News Team on September 7th, 2021 in Local

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු 18ත් 30ත් අතර තරුණ පිරිස් සඳහා ෆයිසර් එන්නත් ලබා දෙන්නේ ජාත්‍යන්තර වරායක් ඇති නිසා කොරෝනා අවධානම ඉහළ බැවින් යැයි ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා මේ බව කියා සිටියා.

එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ ගාල්ල, ත්‍රිකුණාමලය හා යාපනය දිස්ත්‍රික්කවලද වරායන් ඇති බැවින් එම ජනතාවට ෆයිසර් එන්නත් ලබා දෙන ලෙසයි.

මේ අතර පුර්ණ එන්නත්කරණයට ලක්වූ අවුරුදු 60ට වැඩි මෙරට ජනතාවට තුන්වන මාත්‍රාවක් ලබා දෙන්නේ ද නැද්ද යන්න කරුණ සම්බන්ධව තීරණයක් ගන්නේ පුළුල් විමර්ශනයකින් අනතුරුව බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියා.