Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වෛද්‍ය අනුමැතිය ලැබුණු වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත් ලබා දෙන්න – ජනපති සෞඛ්‍යය අංශය දන්වයි

By News Team on September 3rd, 2021 in Local

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි.

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමටයි මෙහිදී තීරණය වූයේ.

2020 මාස 03 කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබුවා.

කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලූ පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතිනවා.

ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබුවා.