Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෝදිගේ උපන්දිනය වෙනුවෙන් ඉන්දියානුවන්ට ලැබුණු තෑග්ග

By News Team on September 18th, 2021 in International

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ 71 වන උපන්දිනයට සමඟාමීව එරට තුළ ඊයේ (17) දිනයේ දී කොරෝනා එන්නත් මාත්‍රා කෝටි 02ක් ලබා දී තිබෙනවා.

එය මේ දක්වා පැවැති දෛනික කොරෝනා එන්නත්කරණ වාර්තාව බිඳ දැමීමක් ලෙසයි සඳහන් වන්නේ.

මේ අනුව අද (18) දිනය වන විට ඉන්දියාව තුළ කොරෝනා එන්නත්කරණය යටතේ කෝටි 79කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ මෙම වසර අවසානය වන විට සුදුසුකම් සපුරා ඇති සියලුම ඉන්දියානුවන්ට එන්නත් ලබා දීම අවසන් කිරීමයි.

දැනටමත් එරට වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන්ව ඇති නමුත් පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්තේ එරට සමස්ත වැඩිහිටි ජනගහණයෙන් සියයට 20 ක් පමණයි.

දැනට එරටින් සටහන්වි ඇති මුලු කොවිඩ් ආසාධිතයන් ගණන මිලියන 33 ක් වනවා.