Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එකකින් නෙමෙයි සියලු ඇමතිකම්වලින් ඉවත් වෙන්න – අගමැති ලොහාන්ට දුරකථනයෙන්ම දැනුම් දෙයි

By News Team on September 16th, 2021 in Exclusive Story

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා ලෙස හැසිරී පෙන්නුම්කල ලොහාන් රත්වත්තෙ දරණ සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

ඉතාලියේ සංචාරයක නිරතව සිටින අගමැතිවරයා අඟහරුවාදා රාත්‍රියේ ලොහාන් රත්වත්තේහට දුරකථන ඇමතුමක් ලබාදී මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ලොහාන්ට දුරකථන ඇමතුම ලබාදීමෙන් අනතුරුව අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් දී ප්‍රකාශ කර ඇත්තේ ලොහාන්ගේ ඉල්ලා අස්වීම භාර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ විසින් ඉල්ලා අස් වුයේ ඔහු දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් වන අතර තවදුරටත් ඔහු මැණික් සහ ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේ නිරත වෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලතල ප්‍රකාරව යම් කිසි ඇමතිවරයෙක් ඉවත් කිරීමට පුර්ණ විධායක බලය ජනාධිපතිවරයා සතු වෙයි.