Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පස්වන රැල්ලට සුදානම් වන්න – GMOA අනතුරු අඟවයි

By News Team on August 25th, 2021 in Local

රට තුළ කොරෝනා අවධානම නිසි ලෙස තේරුම් නොගෙන පස්වන රැල්ල හා මීළඟ කොරෝනා ප්‍රභේදයට මුහුණු දීමට නොවුණොත් නැවත වරක් රට වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ වර්ථමාන කොරෝනා ප්‍රභේදයට වඩා දරුණු ප්‍රභේදයක් අනාගතයේ දී ඇති විය හැකි බවයි.

රෝගය වැළඳුණුු එක් පුද්ගලයෙකුගෙන් දළ වශයෙන් නීරෝගි පුද්ගලයින් කොපමණ පිරිසකට වෛරසය පැතිරිය හැකිද යන්න විමසා බැලෙන ආර් ඕ අගය සම්බන්ධයෙන්ද රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විශේෂ පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වුහාන් ආරම්භක කොවිඩ් ප්‍රභේදයේ එම අගය 2.3 ත්, 2.7 ත් වන අතර ඇල්ෆා ප්‍රභේදයේ ආර් ඕ අගය 4 – 5 ත් අතර වනවා.

ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ ආර් ඕ අගය 5 – 8 ත් අතර වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම අවධානම නිසි පරිදි තේරුම් නොගන්නේ නම් රට නැවත නැවත වසා දමමින් රටේ ආර්ථිකය වත්මන් තත්වයටත් වඩා අසීරු මට්ටමකට පත්වීම වැළැක්විය නොහැකි බවද රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය වැඩිදුරටත් සිහිපත් කරනවා.