Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා එන්නත් වහාම ලබා ගන්න – රජයෙන් ජනතාවට දැනුම් දීමක්

By News Team on August 7th, 2021 in Local

රට පුරා වේගයෙන් පැතිරී යන කොවිඩ්19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා වහාම කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියා.

ඒ අනුව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සෑම පුද්ගලයෙක්ම කොරෝනා රෝගයට ගොඳුරුවීමේ අවධානමකට මුහුණ දී ඇති බවයි.