Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

බස්නාහිර වයස 30 ට වැඩි සියලු දෙනාට ජූලි 31 ට පෙර එන්නත දී අවසන් කරන්න – ජනපති

By News Team on July 3rd, 2021 in Local

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත්කරණය සහඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන්කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය “ඇස්ට්‍රාසෙනිකා” එන්නත් ප්‍රමාණයඉක්මණින්ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබාදීමට සැලසුම් කරන්නැයිද ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකුට සති 45ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි,කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය,ප්‍රසන්න ගුණසේන මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරැඹීමත් සමඟ ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකටකොවිඩ් එන්නත ලබාදීමට හැකිවී තිබේ.

දිවයින පුරා එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.