Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහ මැතිවරණ ප්‍රතිඵලින් ජර්මනිය උණුසුම් වෙයි

By News Team on September 27th, 2021 in International

16 වසරක් පුරා ජර්මානු දේශපාලනයේ අසහාය නායිකාව වූ ඇන්ජෙලා මර්කල් වෙනුවට අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීම සඳහා (26) පැවැති මහ මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත්වෙමින් තිබෙනවා.

විදෙස් වාර්තා කළේ මර්කල්ගේ ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් සන්ධානයේ අපේක්ෂක ආමින් ලැෂෙට් සහ මාධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ඕලාෆ් ෂ්කොල්ස් අතර තියුණු තරඟයක් පවතින බවයි.

මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵලට අනුව මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇන්ජලා මර්කල්ගේ සන්ධානයට වඩා ඉදිරියට පැමිණි ඇති නමුත් අපේක්ෂකයන් දෙදෙනා අතර පවතින්නේ සුළු පරතරයකි.

එරට මාධ්‍ය වාර්තා සඳහන් වන්නේ හරිත පක්ෂය ද මෙවර ජර්මානු මහ මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.