Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි – විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණ ඉදිරියේ දී

By News Team on September 24th, 2021 in Local

ඊයේ (23) රාත්‍රියේ 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රථිඵල ලබාගත හැකි වනවා.

පසුගිය මාර්තු මාසයේ පැවැති සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථානය 4513කදී පැවැත්වුණා.

අපේක්ෂයන් 622352 දෙනෙක් මෙවර විභාගයට පෙනී සිටි අතර ඉන් 423746 දෙනෙක් පාසල් අයදුම්කරුවන් වනවා.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606කි.

කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය හමුවේ සෞන්දර්ය විෂයන්හි ප්‍රාරයෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් සෞන්දර්ය විෂයන්හි ප්‍රතිඵල නොකළ බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා පාසල් නැවත විවෘත කිරීමෙන් අනතුරුව සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා එම ප්‍රතිඵල පමණක් නිකුත් කරනු ඇති.

මේ අතර විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර ලබන ඉරිදා සිට ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමට අවස්ථාව සළසා දී ඇති බවයි විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.