Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගෑස් මිල යළිත් වැඩි වෙන්න පුළුවන් – ලිට්‍රෝ සමාගමෙන් අනතුරු ඇඟවීම්

By News Team on October 14th, 2021 in Exclusive Story

ගෑස් මිල කෙටි කාලයක් තුළදී යළිත් වරක් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

එසේ නොකළ හොත් ගෝලීය වෙළෙඳපොල තුළ ස්ථාවරව පැවැතීමට අසීරු වන බවයි ඔහු සඳහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේ පදනම් කරගත් තත්ත්වවලට යටත්ව එසේ මිල වැඩිවීම සිදුවනු ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

ඉදිරියේ දී ගෑස් මිල සම්බන්ධයෙන් තිරසර වැඩපිළිවෙලක් යටතේ සැලසුම් කෙරෙන බවත් වැඩි කරන ලද මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත් ලාෆ් සමාගමේ අවධානය යොමුව තිබෙනවා.

තවද මිල පහත දැමීමට හැකි වන විධිමත් කළමනාකරණයට යොමු වීමටද ඔවුන්ගේ බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ කියා සිටියේ, ලංකාවේ ආර්ථිකය සම්බන්ධව පවතින තත්ත්වය පොදු මහජනතාවට සැඟවිය යුත්තක් නොවෙයි. එසේ සැඟවීම නිසා බොහෝ විට ලංකාවේ උද්ගත වන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසු කර ගැනීම නිසා මහජනතාව ඉන් මුළා වෙනවා. එනිසා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ ආර්ථික තත්ත්වය පිළිබඳව සවිඥානිවකව මේ වෙලාවේදී වටහා ගැනීම ඉතාම වටිනවා බවයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී වැඩි කරන ලද මිල ක්ෂණිකව අඩු කරන්නේ යැයි ජනතාවට බොරු පොරොන්දු දීමට තමන්ට අවශ්‍ය නැති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.