Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහා භාණ්ඩාගාරයෙන් පිහිටවූ ගෑස් සමාගම පී. බී විසුරුවා හරී

By News Team on September 27th, 2021 in Local

ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය සතියේ දී පැවැති රැස්වීමකින් අනතුරුව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අලුතින් පිහිටුවන ලද සහ මත භේදයට තුඩු දුන් සියොලිට් පෞද්ගලික සමාගම ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් විසුරුවා හැර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ සාකච්ඡාව අවසානයේ බවයි වාර්තා වන්නේ.

අදාළ සමාගම රජය විසින් මෙහෙයවනු ලබන ලිට්රෝ ගෑස් ලංකා සමාගමට බලපෑම් කිරීමට සුදානම් වී ඇති බවත්, ලාෆ්ස් සමාගමට වාසි සහගත ලෙස ගිවිසුම් සකස් කොට තිබීම හේතුවී ඇති බව සඳහන් වනවා.

මෙය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිලධාරීන් කිහිපදෙනෙකුගේ කැමැත්ත මත මෙම සමාගම පිහිටුවා තිබෙනවා.