Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගෑස් පිපිරීම් කමිටුව ප්‍රකාශ ලබා ගැනීම අවසන්

By News Team on December 13th, 2021 in Local

ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල ජනාධිපති විමර්ශන කමිටුව විසින් ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර තිබෙනවා.

කමිටු සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතා කියාසිටියේ අවසන් වාර්තාව සකස් කිරීම ආරම්භ කර ඇති බවයි.

එය අනිද්දා දිනය වනවිට බොහෝ දුරට සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කලා.

අනතුරුව ජනාධිපතිවරයාගෙන් දිනයක් හා වේලාවක් ලද වහා එය භාරදීමට පියවර ගන්නා බවයි මහාචාර්ය ශාන්ත වල්පොල මහතා කියාසිටියේ.

පාර්ශව 40 කට ආසන්න පිරිසකගෙන් පසුගිය දිනවලදී ප්‍රකාශ ලබා ගත් බවයි කමිටු සභාපතිවරයා සඳහන් කළේ.