Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

උසස් පොලිස් නිලධාරියෙක්ගේ අණ මත සංචාරකයන්ට ගාලු කොටු පවුර තහනම් වෙයි – හේතුව ටෙස්ට් තරඟයලු

By News Team on November 22nd, 2021 in Gossip

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමත් සමඟ ගාල්ල කොටු පවුරේ සිට නැරඹීමට පැමිණි සංචාරකයින් ඊයේ (21) ආපසු හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

පොලීසියේ මෙම තීරණය හේතුවෙන් දේශීය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

උසස් පොලිස් නිලධාරියාගේ උපදෙස් මත පොලීසිය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපස කොටු පවුර මතට කිසිවෙකුට යාමට ඊයේ (21) ඉඩ ලබා නොදී ඇති බවයි.

මේ අතර මව්බිම පුවත්පතේ වාර්තාවකද සඳහන් වුණේ අනුරාධපුරයේ සිට පැමිණි පිරිසක් තම දරුවන් ද සමඟ ගාලු කොටුව නැරඹීමට පැමිණියත් කොටු පවුර වෙත යාමට ඉඩ ලබා නොදී තිබෙනවා.

ඊට අමතරව විදේශ සංචාරකයින් පිරිසකට ද මෙම තත්ත්වයට මුහුණ දී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එහිදී පොලීසියේ නිලධාරීන් වෙත දන්වා ඇත්තේ ලංකාවට පැමිණියේ ලංකාවේ සුන්දරත්වය නැරඹීමට බවත් මෙවැනි ක්‍රියා ඉතා අප්‍රසන්න ක්‍රියාවක් බවයි.

ඊයේ (21) මංගල ඡායාරූප ගැනීමට පැමිණි පිරිස් ද ආපසු හැරී ගොස් ද තිබෙනවා.