Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉන්ධන අර්බුධය දරුණු වෙයි – පාසල් පවත්වන දින ගණන අඩු කිරීමට සහ කොළඹට පැමිණෙන වාහන සීමා කරන ඇමති යෝජනා කරයි

By News Team on January 24th, 2022 in Local

ඩොලර් හිඟය හේතුවෙන් රට තුළ මේ වන විට පවතින බරපතළ ඉන්ධන අර්බුධය හමුවේ ඉන්ධන භාවිතය සිමා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් යෝජනා රැසක් ආණ්ඩුවට වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

පාසල් දින ගණන අඩු කිරීම, කොළඹට පැමිණෙන රථවාහන සීමා කිරීම, සියලු කාර්යාල සාකච්ඡා ඔන්ලයින් පැවැත්වීම, කාර්යාල වේලාවන් වෙනස් කිරීම ආදිය මෙම යෝජනාවලට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ඉන්ධන ආනයනය සඳහා වාණිජ බැංකුවල ඇති ඩොලර් සංචිතයෙන් කොටසක් රජය වෙත ලබා ගැනීමට යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මිට පෙරද කියා සිටියේ ඉන්ධන පවතින්නේද සති කිහිපයක් පමණක් වන අතර දැනට මතුව ඇති ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා ඩොලර් නොලැබුණහොත් ඉන්ධන අර්බූදයක්ද මතුවීමේ ඉඩක් ඇති බවයි.