Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද සිට ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉගැන්වීම්වලින් ගුරුවරු ඉවත් වෙයි

By News Team on July 12th, 2021 in Local

කොරෝනා වසංගතය හමුවේ දැනට සිදු කරන මාර්ගගත ඉගැන්වීම් කටයුතුවලින් අද (12) සිට ඉවත් වීමට ගුරු සහ විදුහල්පති සංගම් ඒකාබද්ධව තීරණයක් කර තිබෙනවා.

ඒ පසුගියදා බත්තරමුල්ල පොල්දුව මංසන්දියේ පැවැති විරෝධතාවකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු ගුරු වෘත්තීය සමිති සාමාජිකයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක වෙත යොමු කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.

ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ තම වෘත්තීය සමිති සාමාජිකයින් මුදා හරින තෙක් අද දින සිට ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා ගුරු සහ විදුහල්පති සංගම් 23ක් සම්බන්ධ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.