Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

විදෙස් ගතවන ශ්‍රමිකයන්ට ගැලපෙන එන්නත් ලබාදීම අද සිට

By News Team on August 30th, 2021 in Local

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් වන මෙරට ශ්‍රමිකයින්ට ඒ, ඒ රටවල් සඳහා ගැලපෙන එන්නත ලබා දීමේ වැඩසටහන අද (30) යළි ආරම්භ වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ මෙම වැඩපිළිවෙළ පිළිබඳ සියලූ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අන්තර්ගත බවයි.

එම පුද්ගලයින් කාර්යාංශයට ගෙවිය යුතු මුලු මුදල ගෙවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව ලියාපදිංචි විය යුතු යි.

නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එන්නත්කරණය සිදු කරන අතර, එය කෙටි පණිවිඩයක් මගින් නිශ්චිත දිනයක් හා වේලාවක් සඳහන් කර දැනුම් දෙනු ලබනවා.

30,000 කට අධික පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වනවිට ලියාපදිංචි වී ඇති අතර, එයින් 12,000 කට අධික පිරිසකට එන්නත ලබා දී තිබෙනවා.

විදෙස්ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින්ට යම් ගැටලූවක් ඇති නම්, පැය 24 පුරා ක්‍රියාත්මක 1989 අංකය අමතා විසඳුම් ලබා ගත හැකියි.