Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ප්‍රංශයට දරුණු ගංවතුරක්

By News Team on December 11th, 2021 in International

ප්‍රංශයේ නිරිතදිග කොටසේ ප්‍රදේශ රැසකට දරුණු ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අධික වර්ෂාව සමඟ හිම දියවීම හේතුවෙන් ගංගා රැසක් පිටාර ගැලීමෙන් මෙම අපදා තත්වය හටගෙන ඇති බවයි.

මේ වන විටත් නිවාස 100කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර හිමකඳු කඩා වැටීමේ අවධානමක් ද හටගෙන තිබෙනවා.

අපදා තත්වය සමඟ ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ පාසල් සහ මාර්ග රැසක් වසා දමා ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ.