Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීමට සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි

By News Team on November 22nd, 2021 in Local

ප්‍රකාශයක් ලබාදීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් 03 වන දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව පියතුමන් විසින් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් සිදුකල පැමිණිල්ලකට අදාළවයි මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනෙන්නේ.

සිරිල් ගාමිණී පියතුමන් පසුගිය සතියේදීත් අවස්ථා 02 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

මේ අතර සිරිල් ගාමිණි පියතුමන්ට සහය පළ කිරීම සඳහා කොළඹ පදවියේ සියලූම රදගුරුතුමන්ලා හා පියතුමන්ලා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ රැස්ව සිටින බව සඳහන්.