Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රාගම වෛද්‍ය පිඨයේ සිසුන් සිව් දෙනෙක්ට ප්‍රහාරයක් – සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

By News Team on February 2nd, 2022 in Local

කිසියම් පිරිසක් අද (02) අළුයම කළ පහර දීමකින් රාගම වෛද්‍ය පිඨයේ සිසුන් සිව් දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉන් සිසුන් තිදෙනෙක් රාගම රෝහලේ සහ එක් සිසුවෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය කියා සිටියේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ රාගම වෛද්‍ය පිඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසකි.

සිද්ධියට සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.