Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මිල්කෝ හිටපු සභාපති පොහොර සමාගමේ සභාපති ධුරය භාර ගන්න බෑ කියයි

By News Team on January 24th, 2022 in Local

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ සභාපති ධුරය භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු කියා සිටියේ තමා ලංකා පොහොර සමාගමේ සභාපති ධුරය තමන් පත්කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ලිපියක් යොමු කර තිබු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ නොවැළැක්විය හැකි හේතුවක් මත එම සභාපති ධුරය භාරගත නොහැකි බව ලිපියක් මඟින් ලේකම්වරයාට දැනුම් දුන් බවයි.