Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අඛණ්ඩව තෙවන දිනටත් දෛනික ආසාධිතයින් ගණන 1000 සීමාව ඉක්මවයි

By News Team on February 2nd, 2022 in Local

තෙවන දිනටත් දෛනික කොරෝනා ආසාධිත ගණන 1000 සිමාව ඊයේ (01) දිනයේ ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (01) දිනයේ දී මෙරටින් නව ආසාධිතයින් 1137ක් හඳුනා ගැනුණු අතර මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 612322ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 18000ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන 578849 ලෙසයි වාර්තා වුණේ.

මේ අතර ඊයේ (31) දිනයේ මෙරටින් කොරෝනා මරණ 32ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 15473කි.