Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දෙවන දිනටත් මෙරට දෛනික කොරෝනා ආසාධිතයින් ගණන 1000 සීමාව පනී

By News Team on February 1st, 2022 in Local

ඊයේ (31) අඛණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික කොරෝනා ආසාධිතයින් වාර්තා වීම දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ (31) දිනයේ තවත් කොරෝනා ආසාධිතයින් 1082ක් වාර්තා වුණා.

ඔවුන් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 06 දෙනෙක් ඇතුලත් වෙනවා.

පසුගිය ජනවාරි 23 වනදා සිට දෛනික වාර්තා වෙන කොරෝනා ආසාධිතයින් ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙනවා.

පෙරේදා (29) දිනයේ මෙරට දෛනික කොරෝනා ආසාධිතයින් ගණන දහසේ සීමාව ඉක්මවා ගියේ මේ වසරේ පළමු වරට වන අතර දෛනික ආසාධිතයින් ගණන අවසන්වරට දහසේ සීමාව ඉක්මවා තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 26 වනදායි.

මේ වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 611185ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ (31) මෙරටින් තවත් කොරෝනා මරණ 21ක් වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 15441ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.