Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළමුවරට ශ්‍රී ලංකාවේ එක් දිනකදී ලබාදුන් වැඩිම කොරෝනා එන්නත් ගණන ඊයේ දිනයේ ලබාදෙයි

By News Team on July 14th, 2021 in Local

ශ්‍රී ලංකාව තුළදී පළමුවරට එක් දිනයක් තුලදී කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (13) දිනයේ දී මෙරට භාවිතා කර ඇති එන්නත් මාත්‍රා ගණන 337445ක් ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ (13) සයිනොෆාම් පළමු මාත්‍රා 289122ක් ලෙසද, දෙවන මාත්‍රා 32385ක් ලෙසද භාවිතා කර තිබෙනවා.

තවද ස්පුට්නික් පළමු මාත්‍රාව 15202ක් ද ෆයිසර් මාත්‍රා 700ක් සහ කොවිෂිල්ඩ් දෙවන මාත්‍රා 36ක් ද ගත වූ දිනයේ දී එන්නත්කරණය සඳහා යොදාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා එන්නත් මාත්‍රා ගණන 6057767 ක් වන අතර අවම වශයෙන් එක් මාත්‍රා හෝ ලබාගත් පුද්ගලයින් 4520537 ක් දක්වා ඉහළ ගියා.