Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආපන ශාලාවල ආහාර මිල ගණනුත් ඉහළට

By News Team on October 16th, 2021 in Local

ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ඇතුළු භාණ්ඩ මිළ ඉහළ යාමෙන් අනතුරුව ආපන ශාලාවල ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව කිරි තේ එකක මිල රුපියල් 70කින් ද ප්ලේන්ටියක මිල රුපියල් 30කින් ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව රෝල්ස් එකක් රුපියල් 60 කට, බිත්තර රෝල්ස් එකක් රුපියල් 65 කට, බනිස් රුපියල් 50ක ඉහළ මිලකට අලෙවි වෙමින් තිබෙනවා.

කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් අලෙවි වන්නේ රුපියල් දෙසීය ඉක්මවූ මිලකටයි.

එළවළු බත් පැකට්ටුවක් රුපියල් 160ක්, මාළු බත් පාර්සලයක් රුපියල් 180ක්, කුකුළු මස් බත් පැකට්ටුවක් රුපියල් 240 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.