Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

20ට වැඩි සියලු පුරවැසියන්ට බුසටර් එන්නත් ලබාදීමේ අවධානය

By News Team on November 25th, 2021 in Local

මංගල උත්සව, සිනමා ශාලා, ආපනශාලා, හෝටල් සංකීර්ණ සහ උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍රය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි යළි ඇරඹීමට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ හෙට (26) දිනයේ ජනාධිපති සමඟ පැවැත්වෙන සාකච්ඡා කිරීමෙන් පසු මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මේ අතර මෙරට අවුරුදු 20 ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කලේ.

මේ වන විට අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සහ කොවිඩ් මර්ධන ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 03 ලක්ෂ 80 දහසකට වැඩි පිරිසක් ඊයේ දිනය වනවිට බූස්ටර් එන්නත ලබාගෙන තිඛෙනවා.