Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නොර්වේ සුපිරි වෙළඳසැලකදී එල්ල කළ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙක් මරුට

By News Team on October 14th, 2021 in International

නොර්වේ කොංග්ස්බර් නගරයේ දී පුද්ගලයෙක් එල්ල කළ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 05 දෙනෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට ආරක්ෂක අංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියට අදාළ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සුපිරි වෙළඳ සැලකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරියෙක් ද ඇතුළත් බවයි.