Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 05ක් පොලිස් අත්අඩංගුවට

By News Team on July 7th, 2021 in Local

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්ද නගරයේ විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (07) ඔවුන් බදුල්ල බෝගකුඹුර පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.

පසුගිය 1 වනදා අදාළ විරෝධතාව බොරලන්ද නගරයේ සංවිධාන කර තිබුණේ රසායනික පොහොර කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින්.