Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාන්තාවකගේ අසැබි ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක්කල පස් දෙනෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on July 13th, 2021 in Local

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වෙත එක්කල සැකකරුවන් 5 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23, 26, 31 සහ 39 වියේ පසුවන පුද්ගලයින් බවයි සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ප්‍රේම සබඳතා බිදී ගිය පසු ඇතැම් පිරිස් මෙවැනි ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක් කෙරෙන බව පොලීසියට පැමිණිලි ලැබී ඇති බවයි.