Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මුදල් ඇමති ඉන්දියාවේ නිල සංචාරයක එක්වීමේ සුදානමක්

By News Team on November 22nd, 2021 in Local

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම ඉන්දියාවේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

මෙහි විශේෂත්වය වන්නේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු නිල සංචාරය මෙය වීමයි.