Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පාසල් විවෘත කිරීම ගැන අවසන් තීන්දුව අද

By News Team on September 15th, 2021 in Local

පාසල් නැවත විවෘත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (15) දිනයේ ගැනීමට නියමිතයි.

පාසල් නැවත විවෘත කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ 1 ශ්‍රේණියේ සිට 06 ශ්‍රේණියේ දක්වා ද 12 – 13 ශ්‍රේණි සඳහා ද යන්න සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.

වැඩිදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන විශේෂඥයින්ගේ ප්‍රමුඛත්වය අනූව දරුවන් එන්නත්කරණය සදහා යොමු කිරීමට සැලසුම් සකස් කරන බවයි.