Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදුලි වෘත්තීය සමිති 15ක් අද දහවල් සිට ලෙඩ වෙයි

By News Team on December 14th, 2021 in Local

විදුලි වෘත්තීය සමිති 15ක් අද (14) දහවල් 12ට ලෙඩ නිවාඩු වාර්තාකර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය ප්‍රකාශකයෙක් කියා සිටියේ පාලන ධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවලට විරෝධය පළ කරමින් මෙය සංවිධානය කර ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා විදුළි සේවකයින් විසිපන්දහසකට අධික පිරිසක් සිය විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගිවීමට නියමිතයි.

අද ක්‍රියාත්මක විරෝධතාවය හමුවේ නිසි විසදුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩිවෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.