Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

සාගතයක් ඇති වන්න ඉඩ දෙන්නේ නැහැ – කෘෂිකර්ම ඇමති මුදල් ඇමතිට පොරොන්දු වෙයි

By News Team on October 12th, 2021 in Local

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට (13) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට එකඟතාව හිමිව ඇති බව සඳහන්.

මේ අතර රටේ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොරොන්දු වී ඇති බව වාර්තා වනවා.

රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සාකච්ඡාවේ දී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වසරේ අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදලට අතිරේකවද මුදල් වෙන් කර ඇති බවයි.

ඊට රුපියල් මිලියන 25000ක මුදලක් වෙන කර ඇති බවයි මුදල් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.