Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Facebook, WhatsApp, Instagram සේවා යථා තත්වයට

By News Team on October 5th, 2021 in International

ඊයේ (04) රාත්‍රියේ ලොව පුරා බිඳ වැටීමකට ලක්වූ වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රම් සහ ෆේස්බුක් සේවා මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

මෙම සේවා පැය 06කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වුයේ නැහැ.

ෆේස්බුක් ආයතනය මෙම සේවාවන් තුනෙහිම හිමිකාරීත්වය දරන අතර සිදුවූ තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ඔවුන් සමාව අයැද තිබෙනවා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ 2019 වසරේදී ද මෙවැනිම බිඳ වැටීමක් සිදුවූ අතර එය පැය 14ක පමණ බිඳ වැටීමකට ලක් වුණා.

කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනයේ හිටපු සේවකයෙකු විසින් එහි රහස්‍ය ලේඛණ රැසක් අනාවරණය කර දිනයකට පසු මෙම බිඳ වැටීම සිදුවීමද විශේෂත්වයකි.