Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

By News Team on November 25th, 2021 in Local

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු රැසක් විවෘත කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුව බිංගිරිය, හලාවත සහ පුත්තලම යන ප්‍රදේශවල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි.

මේ අතර දිවයිනට ගිණිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය දිවයිනේ නැගෙනහිර දෙසින් ස්ථානගත වී ඇති බවයි.

මේ හේතුවෙන් අද දිනය තුළ උතුරු – උතුරු මැද – වයඹ – බස්නාහිර – සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.