Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවන ආකාරය ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් අද හවස නිකුත් කෙරේ

By News Team on October 8th, 2021 in Local

පාලන මිල ඉවත් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවන ආකාරය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් අද (08) සවස නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ ආනයනකරුවන් සමඟ අද (08) දිනය තුළ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි.

ඊයේ (07) රාත්‍රියේ සිමෙන්ති, ගෑස්, තිරිඟු පිටි සහ කිරි පිටි මත පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව පාන් පිටි කිලෝවක් රුපියල් 10ක් හෝ ඊට අඩු අගයකින් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදන ඇතුළු මිල ගණන් ඉහළ නොදැමීමට බේකරි හිමියන් එකඟ වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මිල වැඩි කිරීමට රජය අවසර දෙනු ලබන්නේ වෙළඳපොල තුළ හිගයක් ඇතිවී පාරිභෝගික ජනතාව අසීරුතාවයට පත්නොවීමේ අරමුණින් බවයි.