Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

By News Team on August 17th, 2021 in Local

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

අගෝස්තු මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් අධිකරණ අමාත්‍යාංශය වෙත ඉල්ලූම් පත්‍ර යොමු කිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ.

එමෙන්ම මාර්තු මස 31 වන දිනෙන් අනතුරුව මුල් පත්වීමේ කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති එහෙත් මෙතෙක් සේවා කාලය දීර්ඝ කර නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන් ඉල්ලූම්පත්‍ර යොමු කිරීමද අවශ්‍ය නොවන බව සඳහන්.

කෙසේ වෙතත් දෙසැම්බර් මස 31 වන දිනෙන් සේවා දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලූම් පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වනවා.

මේ අතර විනය හේතුන් හෝ වෙනත් හේතූන් මත සේවා දීර්ඝ ලබා නොදෙන බවට ලිඛිතව අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බවයි අධිකරණ අමාත්‍යංශය නිවේදනය කරන්නේ.