Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

By News Team on August 27th, 2021 in Local

රට තුළ පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය අද (27) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව තිබෙනවා.

පසුගිය 20 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ අතර ලබන 30 වනදා අළුයම 04 එය අවසන් වීමට නියමිතයි.